නැවත වරක් ඉලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ඉලෝන් මස්ක් පසු කරමින් ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වී ඇත.
ඉලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ දින සිට මේ දක්වා ටෙස්ලා සමාගමේ කොටස් අගය සියයට 28 කින් පහත වැටීම හේතුවෙන් ඉලෝන් මසක් සහ බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ලොව ධනවත්ම පුද්ගලයා ස්ථානයට තරඟයක් ආරම්භ වී තිබුණා
ඉලෝන් මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කින් පහත යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 176.8 ක් ලෙස සටහන් වී ඇති අතර බර්නාර්ඩ් ආර්නොල්ට්ගේ ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 කින් ඉහළ යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 188.6 ක් වී ඇත.




