AFC Banner
AFC Banner
Empty Ad

ඉලංගෙයි තමිල් අරුසකච්චි නායක මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වුණා.

ඒ මහතා ඊයේ (29) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූයේ යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන් ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියෙහි පසුවුණා.

ඔහු නිවසේ සිටියදී බිම ඇද වැටීමෙන් ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මතයි පසුගියදා (28) රෝහල්ගත කෙරුණේ.

ඒ මහතාගේ මෘත දේහය මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර මරණ පරික්ෂණයෙන් පසුව දේහය ඥාතීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?