ඉරාන හමුදාවට අයත් යුද නෞකාවට (අයිරිස් ඩෙනා) ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදුන්නේ මධ්‍යස්ථ භාවය ආරක්ෂා කිරීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
අදාළ ඉරාන නෞකාව මාර්තු 09 සහ 13 යන දිනවල දී මෙරටට පැමිණීමට අවසර ඉල්ලා පෙරබවාරි 26 වනදින ඉල්ලීමක් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා, එදිනම පස්වරුවේ ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද ගුවන් යාන දෙකක් මත්තල ගුවන් තොටුපොළට පැමිණීමට අවසර ඉල්ලා ඉල්ලීමක් ලැබුණු බවයි පැවසුවේ.
මාර්තු මස 04 – 08 අලය තුළ එම යුද ගුවන් යාන දෙක මත්තල ගුවන් තොටුපොළේ නවතා තැබීමට අවසර ඉල්ලා සිටි බවයි ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී අනවරණය කළේ.
කෙසේ වෙතත් යුද ගැටුම් පිළිබදව සංඥා මතුව තිබූ පසුබිමක එම ඉල්ලීම් දෙකටම අවසර ලබා නොදී මධ්‍යස්ථ භාවය රැකගෙන කටයුතු කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.













