ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක ඉවතට

ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, දැනට නැව්ගත කර ඇති ඉරාන තෙල් සඳහා දින 30ක කාලයක් සඳහා සම්බාධක ඉවත් කරන බවයි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම කෙටි කාලීන අවසරය ගෝලීය වෙළඳපොළට තෙල් බැරල් මිලියන 140ක් පමණ ඇතුළු වීමට ඉඩ සලසන බවයි භාණ්ඩාගාර ලේකම්වරයා පවසන්නේ.

යුද්ධය ආරම්භ වූ දා සිට සහ ඉරාන ප්‍රහාර මැද පෙරදිග බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවීමෙන් පසුව තෙල් සහ ගෑස් මිල තියුණු ලෙස මිල ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !