AFC Banner
Empty Ad
Empty Ad

ඉරාන ජනාධිපතිගේ මරණය තහවුරු වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍ය විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර තිබෙනවා.

මෙම අනතුරින් එහි සිටි කිසිවෙකුටවත් ජීවිත බේරාගැනීමට නොහැකි වී ඇති බවයි ඉරාන බලධාරීන් පැවසුවේ.

කලාපයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට ලක් වූ බවයි වාර්තා වන්නේ.

ඔහු ගමන් ගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයක දී ඊයේ (19) අනතුරකට ලක් වුණේ, ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ ඉදිකළ නව වේල්ලක් විවෘත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දීයි.

යානය කඩාවැටීමෙන් පසු යුරෝපා සංගමයේ සහ තුර්කියේ සහය ඇතිව පැය ගණනක් පුරා සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ඉරානය විසින් දියත් කළා.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණය හා මීදුම සමඟ උෂ්ණත්වය පහත වරීම හේතුවෙන් එම මෙහෙයුම් වලට දැඩි බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් තුර්කි නිරීක්ෂණ ඩ්‍රෝන් යානයක් විසින් ලබාගත් දත්ත අනුව ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය තහවුරු කර ගැනීමට බලධාරීන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුවයි මුදාගැනීමේ කණ්ඩායම් අද (20) දිනයේ ඒ වෙත ළඟා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?