ඉරාන ජනාධිපතිගේ මරණය තහවුරු වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍ය විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර තිබෙනවා.

මෙම අනතුරින් එහි සිටි කිසිවෙකුටවත් ජීවිත බේරාගැනීමට නොහැකි වී ඇති බවයි ඉරාන බලධාරීන් පැවසුවේ.

කලාපයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට ලක් වූ බවයි වාර්තා වන්නේ.

ඔහු ගමන් ගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයක දී ඊයේ (19) අනතුරකට ලක් වුණේ, ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ ඉදිකළ නව වේල්ලක් විවෘත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දීයි.

යානය කඩාවැටීමෙන් පසු යුරෝපා සංගමයේ සහ තුර්කියේ සහය ඇතිව පැය ගණනක් පුරා සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ඉරානය විසින් දියත් කළා.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණය හා මීදුම සමඟ උෂ්ණත්වය පහත වරීම හේතුවෙන් එම මෙහෙයුම් වලට දැඩි බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් තුර්කි නිරීක්ෂණ ඩ්‍රෝන් යානයක් විසින් ලබාගත් දත්ත අනුව ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය තහවුරු කර ගැනීමට බලධාරීන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුවයි මුදාගැනීමේ කණ්ඩායම් අද (20) දිනයේ ඒ වෙත ළඟා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03