ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ‘එක්ස්’ ගිණුම අත්හිටුවයි

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ ‘එක්ස්’ ගිණුම අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

හීබ්‍රෙව් භාෂාවෙන් සිදුකළ පළ කිරීම් දෙකකින් පසුව ඔහුගේ ‘එක්ස්’ ගිණුම මෙලෙස අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අල් කමේනි විසින් ඔහුගේ එක්ස් ගිණුමේ බොහෝ විට ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබලව භාෂාව භාවිත කරමින් අදහස් පළකරනු ලබනවා.

මෑතක දී ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමෙන් පැය කිහිපයකට පසු ඔහුගේ එක්ස් ගිණුම අත්හිටුව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?