ඉරානයේ වරායක දැවැන්ත පිපිරීමක් – 500කට පමණ තුවාල

දකුණු ඉරානයේ නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි වරායක සිදු වූ දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

බලධාරීන් විසින් තවමත් කිසිදු මරණයක් වාර්තා කර නොමැති නමුත් වීදියේ තුවාල ලැබූ පුද්ගලයින් වැටී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරීමත් සමඟ කඩා වැටුණු ගොඩනැගිලි යට සිරවී සිටින පුද්ගලයින් පිළිබඳ වාර්තා වනවා.

මෙම වරාය තුළ ප්‍රධාන වශයෙන් බහාලුම් හසුරුවන අතර, තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් සපයන වරායක් ලෙසද ප්‍රසිද්ධයි.

පිපිරීමේන් වරායට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති අතර, පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?