ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය ලෙස සැලකෙන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ඇමරිකා හමුදා විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය මේ බව සඳහන් කළා.

මේ අතර කාර්ග් දූපතට එල්ලකළ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ඇමරිකානු හමුදා කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ ද, තමන් තෙල් අපනයන මධ්‍යස්ථානවලට පහරදීමෙන් වැළකී සිටි බවයි.

කෙසේ වෙතත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්කරන ඉන්ධන නෞකාවලට ඉරානය හෝ වෙනත් පාර්ශ්වයක් ප්‍රහාර එල්ලකළ හොත් මෙම තීරණය ගැන නැවත සලකාබලන බවයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !