ඉම්රාන් ඛාන්ට තහනම්

ඉම්රාන් ඛාන්ට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම වීමත් සමඟ වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ බලධාරීන් විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එරට මැතිවරණ කොමිසම විසින් .කෙසේ වෙතත් ඔහු පවසන්නේ මෙම චෝදනා දේශපාලනික චේතනාවෙන් කරන ලද ඒවා බවයි,
නමුත් පාකිස්ථාන රජය එය ප්‍රතික්ෂේප කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විට ඉස්ලාමාබාද් අසල බන්ධනාගාරයක රඳවා සිටින බවයි.

ඉම්රාන් ඛාන්ගේ නීතීඥ කණ්ඩායම මෙම තීන්දුව අභියෝගයට ලක් කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද (09) ඉස්ලාමාබාද් මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත වනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?