ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක් අනුන්ගේ බැංකු ගිණුම්වල මුදල් අදියි ඔබත් ප්‍රවේශමෙන්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් අයගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකළ සංවිධානාත්මක ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

රාජ්‍ය බැංකුවක කාඩ්පත් අංශයේ ප්‍රධාන කළමනාකරුවකුගේ පැමිණිල්ලක් මත කළ දීර්ඝ විමර්ශනයකින් මේ බව අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම සම්බන්ධව කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ කොහු මෝලක අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක සහයෙන් දින තුනකදී බැංකු ගිණුම් 29කට අයත් අනුන්ගේ කාඩ්පත්වලින් 114 වතාවක් අන්තර්ජාලයෙන් මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද අනාවරණය වේ.

රුපියල් අටලක්ෂ හතළිස් එක්දහසක් දින තුනකදී වංචාකර ඇති මෙම පුද්ගලයා රට පුරා බැංකු ගිණුම්වලට රාත්‍රි කාලයේදී සූක්ෂම ලෙස ඇතුළු වී මෙම ජාවාරම සිදුකර ඇත.

මෙම විමර්ශනවලට අනුව ඉන්ස්ට්‍රග්‍රෑම් යෙදුම ඔස්සේ ක්‍රියාත්මක කණ්ඩායමක් බැංකු ගිණුම්වල මුදල් අදින ජාවාරම කරගෙන ගොස් ඇත.

මෙම කණ්ඩායමේ සියලුදෙනා කිසිවකුගේ අනන්‍යතාවය හෙළි නොවන සේ කටයුතු කර තිබේ. බැංකු කාඩ්වල අංක යොදා සිදුකරන මෙම වංචාව එහි එක් සාමාජිකයකු මුළු කණ්ඩායමට උපදෙස් දී ඇත.

ඔහු විසින් රාජ්‍ය බැංකුවක තමාට හිමි ගිණුමේ මුල් අංක හා කාඩ්පත් කල් ඉකුත්වන දිනය පමණක් කෙටි පණිවුඩයක් ලබාදී අවසාන අංකයට සැසඳෙන අංක එකින් එක යොදමින් මුදල් ඇති ගිණුම් සොයා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

බැංකු කාඩ්පත්වල පිටුපස ඇති අවසාන අංක කිහිපය සසඳමින් මෙම වංචාව කරන ලෙස වංචනික කණ්ඩායමට උපදෙස් ලැබී ඇත.

ඒ අනුව අත්අඩංගුවට පත් වූ තරුණයා සේවය නිම වී පැමිණ මවට නින්දට යන බව හඟවා නිවසේ පරිගණකයෙන් අලුයම 3.00 පමණ වනතුරු දිනපතා මෙම වංචාවේ නිරතවී තිබේ.

ඇඳුම්, සපත්තුවල සිට පරිගණක යන්ත්‍ර, ටැබ්, දුරකථන, ලැප්ටොප් පරිගණක උපාංග ඇතුළු අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් භාණ්ඩ සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දම්බොක්කේ තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රාජ්‍ය බැංකුවක ගිණුම් යොදාගෙන මිලදී ගත් විවිධ භාණ්ඩ කුරියර් ආයතනය මගින් ඔහුගේ නිවසට රැගෙනවිත් තිබේ.

මෙම ඉන්ස්ට්‍රග්‍රෑම් කල්ලියේ සාමාජිකයන් දෙස් විදෙස් බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන බවට හෙළිවීම නිසා එම ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායම සොයා පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක ජී.එම්. චතුරංග, උප පොලිස් පරීක්ෂක එච්. දිල්ශානි, සැරයන්වරුන් වන බුද්ධික (40238), ජයලාල් (54825), කොස්තාපල්වරුන් වන දේවින්ද (94502), මානගේ (78158), ඇන්තනි (94001) යන කණ්ඩායම විමර්ශන මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?