ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක් අනුන්ගේ බැංකු ගිණුම්වල මුදල් අදියි ඔබත් ප්‍රවේශමෙන්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් අයගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකළ සංවිධානාත්මක ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

රාජ්‍ය බැංකුවක කාඩ්පත් අංශයේ ප්‍රධාන කළමනාකරුවකුගේ පැමිණිල්ලක් මත කළ දීර්ඝ විමර්ශනයකින් මේ බව අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම සම්බන්ධව කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ කොහු මෝලක අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක සහයෙන් දින තුනකදී බැංකු ගිණුම් 29කට අයත් අනුන්ගේ කාඩ්පත්වලින් 114 වතාවක් අන්තර්ජාලයෙන් මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද අනාවරණය වේ.

රුපියල් අටලක්ෂ හතළිස් එක්දහසක් දින තුනකදී වංචාකර ඇති මෙම පුද්ගලයා රට පුරා බැංකු ගිණුම්වලට රාත්‍රි කාලයේදී සූක්ෂම ලෙස ඇතුළු වී මෙම ජාවාරම සිදුකර ඇත.

මෙම විමර්ශනවලට අනුව ඉන්ස්ට්‍රග්‍රෑම් යෙදුම ඔස්සේ ක්‍රියාත්මක කණ්ඩායමක් බැංකු ගිණුම්වල මුදල් අදින ජාවාරම කරගෙන ගොස් ඇත.

මෙම කණ්ඩායමේ සියලුදෙනා කිසිවකුගේ අනන්‍යතාවය හෙළි නොවන සේ කටයුතු කර තිබේ. බැංකු කාඩ්වල අංක යොදා සිදුකරන මෙම වංචාව එහි එක් සාමාජිකයකු මුළු කණ්ඩායමට උපදෙස් දී ඇත.

ඔහු විසින් රාජ්‍ය බැංකුවක තමාට හිමි ගිණුමේ මුල් අංක හා කාඩ්පත් කල් ඉකුත්වන දිනය පමණක් කෙටි පණිවුඩයක් ලබාදී අවසාන අංකයට සැසඳෙන අංක එකින් එක යොදමින් මුදල් ඇති ගිණුම් සොයා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

බැංකු කාඩ්පත්වල පිටුපස ඇති අවසාන අංක කිහිපය සසඳමින් මෙම වංචාව කරන ලෙස වංචනික කණ්ඩායමට උපදෙස් ලැබී ඇත.

ඒ අනුව අත්අඩංගුවට පත් වූ තරුණයා සේවය නිම වී පැමිණ මවට නින්දට යන බව හඟවා නිවසේ පරිගණකයෙන් අලුයම 3.00 පමණ වනතුරු දිනපතා මෙම වංචාවේ නිරතවී තිබේ.

ඇඳුම්, සපත්තුවල සිට පරිගණක යන්ත්‍ර, ටැබ්, දුරකථන, ලැප්ටොප් පරිගණක උපාංග ඇතුළු අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් භාණ්ඩ සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දම්බොක්කේ තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රාජ්‍ය බැංකුවක ගිණුම් යොදාගෙන මිලදී ගත් විවිධ භාණ්ඩ කුරියර් ආයතනය මගින් ඔහුගේ නිවසට රැගෙනවිත් තිබේ.

මෙම ඉන්ස්ට්‍රග්‍රෑම් කල්ලියේ සාමාජිකයන් දෙස් විදෙස් බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන බවට හෙළිවීම නිසා එම ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායම සොයා පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක ජී.එම්. චතුරංග, උප පොලිස් පරීක්ෂක එච්. දිල්ශානි, සැරයන්වරුන් වන බුද්ධික (40238), ජයලාල් (54825), කොස්තාපල්වරුන් වන දේවින්ද (94502), මානගේ (78158), ඇන්තනි (94001) යන කණ්ඩායම විමර්ශන මෙහෙයවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14