ඉන්ධන QR එක හදපු පිරිස කංචනට මතක්වෙයි

ජාතික ඉන්ධන අවසර පත්‍රය සැලසීමට දායක වූ පුද්ගලයින් පිළිබඳව හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිහිගැන්වීමක් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ජාතික ඉන්ධන අවසර පත්‍රය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යමෙකුට කිසියම් ගෞරවයක් පිරිනැමීමට අවශ්‍ය නම් මෙම පුද්ගලයින් වෙත එම ගෞරවය පුදකර සිටින ලෙසයි.

ඒ, අනුව ජයන්ත ද සිල්වා සහ ICTA හි ඔහුගේ කණ්ඩායම, සුපුන් වීරසිංහ සහ ඩයලොග් ආසියාටා හි ඔහුගේ කණ්ඩායම, ෂෙවාන් ගුණතිලක සහ මිලේනියම් IT හි ඔහුගේ කණ්ඩායමට එම ගෞරවය පුදකර සිටින ලෙසයි.

මෙම පිරිස සති 02ක කාලයක් තුළ මෙම ජාතික ඉන්ධන අවසර පත්‍රය නිර්මාණය කර සංවර්ධනය කළ බව කියන හිටපු අමාත්‍යවරයා ඒ වෙනුවෙන් රජයට කිසිදු වියදමක් දැරීමට සිදුව නොමැති වූ බවයි පවසන්නේ.

එමෙන්ම මාසයක් ඇතුළත එය ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව සඳහන් කරන කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයා, මේ වෙනුවෙන් තවත් බොහෝ පාර්ශවකරුවන්ගේ සහාය සහ කැපවීම හිමි වූ බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
1
+1
15
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05