AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල සංශෝධනය අද

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ සිදු කිරීමට නියමිතයි.

ඒ, අනුව සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිලේ සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේ දී ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අගෝස්තු මාසයේ දී ද ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවූ අතර, අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබුවේ පසුගිය ජුනි මස 30 වන දිනයි.

මේ අතර ඉන්ධන මිල පහළ දමන ලෙසට ඛනිජ තෙල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ඉන්ධනහල් හිමිකරුවන්, ඉන්ධන බෙදාහරින්නන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් 2022 වසරේ දී ගොනු කර තිබූ පෙත්සම් පහක් බස්නාහිර පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණය විසින් ඊයේ (30) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
30
+1
165
+1
17
+1
19
+1
16
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?