AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල වැඩි කළේ ඇයි ? LIOC සමාගම හේතු කියයි

පෙට්ට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කිරීමෙන් පසු ලංකා IOC සමාගම සිය මිල වැඩි කිරීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් දැනුම් දී සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ පසුගිය 07 වනදා සිට රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමට මහ බැංකුව ගනු ලැබූ තීරණයත් සමග අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 203 සිට රුපියල් 290 අගය ද ඉක්මවා වැඩිවී ඇති බවයි.

එය සියයට 40 කට වඩා රුපියලේ අගය අවප්‍රමාණය වීමක් බවයි අයි ඕ සී සමාගම පවසන්නේ. එම තත්ත්වය හේතුවන් ඉන්ධන ආනයන මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

පවතින තත්ත්වය මත වුවද තමන් අලාභ ලබන බවත් මහජනතාව ගැන සලකා ඩිසල් මිල ඉහළ දැමීමක් සිදුනොකල බවයි එම සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

FOti7sXXEAcDAGE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?