මෙම මස 18 දිනට ගෙවීමට නියමිතව ඇති ඩොලර් මිලියන 500ක ණය වාරිකය යම් හෙයකින් ගෙවීමට සිද්ධ වුවහොත් ඉන්ධන මිල නැවත සීයට 30ත් 50ත් අතර අගයකින් ඉහල යනු ඇතැයි ප්‍රවීණ ආර්ථික උපදේශකයෙකු සහ බැංකුකරුවකු මෙන්ම ආයෝජකයෙකු වන මංජු නිශ්ශන්ක මහතා පවසනවා.
ඔහු මේ අදහස් පවසා සිටියේ මාර්ගගත ක්‍රමයට පැවැත්වූ සාකච්චාවකට ඇමරිකා එක්සත් ජනපදයේ සිට එක් වෙමින්ය.
ඔහු පවසා සිටින ආකාරයට මෙම ණය වාරිකය ගෙවීම හේතුවෙන් රටේ සංචිතවලට සිදුවන දැඩි බලපෑම ඉන්ධන වලට පමණක් නොව අත්‍යාවශ්ය ආහාර බෙහෙත් මෙන්ම සියළුම ආනයන අපනයන ක්‍රියාවලීන්ට ද බලපෑම් ඉල්ල කරනු ඇත. එමෙන්ම වක්‍රව වාහන නැවත ගෙන්වීමද මේ හේතුවෙන් පමා වීමක් ද අපට බලාපොරොත්තු විය හැකිය.
එසේම වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ ජනවාරී 18 වන දා මෙම ඩොලර් මිලියන පන්සීයේ ගෙවීම පිළිබදව මෙයට වඩා බැරෑරුම් ලෙස සිතිය යුතු බවය.














