ඉන්ධන මිල ගැන ඇමති කළ ඉල්ලීම

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවි කරන්නේ දිනකට රුපියල් මිලියන 551ක පාඩුවක් ලබමින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 

ඒ හේතුවෙන් ඉන්ධන ආනයනය මත පනවා ඇති බදු ඉවත්කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ, දිගින් දිගටම ලබන අලාභය පියවාගැනීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ඉන්ධන මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇති පසුබිමකය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“මේ අවස්ථාවේ අපි මුහුණ දෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිලටයි. 

“තෙල් සංස්ථාවේ ගණනය කිරීම් අනුව,

පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 19ක්
පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 17ක්
ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්
සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 35ක්
භූමිතෙල් ලීටරයකින් රුපියල් 63ක් පාඩු ලබමින් තමයි තෙල් විකිණීම සිදු කරන්නේ.”

“ඒ අනුව එක් දිනකට සංස්ථාව ලබන පාඩුව රුපියල් මිලියන 551ක්. ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් ලබාදිය නොහැකි නම් තෙල් ආනයනය සඳහා ඩොලර් ලබාදිය නොහැකියි කියලා මහ බැංකුවේ අධිපතිතුමා ජනවාරි 28 වනදා ලිඛිතව මට දැනුම්දුන්නා.”

“මේ තත්ත්වය මත ඩොලර් නැතිවීම කෙසේවෙතත් රුපියල් නැතිවීම මත නුදුරු දිනෙක තෙල් හිඟයක් රටේ ඇතිවීමේ බරපතළ අවදානමක් පවතිනවා.” 

“මේ අතරේ සංස්ථාවේ ගණනය කිරීම් අනුව,

පෙට්‍රල් 92 ලීටරයක් මත රුපියල් 42ක්
පෙට්‍රල් 95 ලීටරයක් මත රුපියල් 64ක්
ඩීසල් ලීටරයක් මත රුපියල් 17ක්
සුපර් ඩීසල් ලීටරයක් මත රුපියල් 39ක් යනාදී වශයෙන් බදු පනවා තිබෙනවා.”

“මේ බදු මගින් දිනකට රුපියල් මිලියන 367ක් මුදල් අමාත්‍යාංශය උපයා ගනු ලබනවා. මෙම බදු සියල්ල ඉවත් කළොත් තෙල් සංස්ථාව දෛනිකව ලබන රුපියල් මිලියන 551ක පාඩුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වෙනවා.”

“ඒ නිසා අද දින මම, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත්කර දෙන මෙන් මුදල් අමාත්‍යතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.”

“විදුලිබල මණ්ඩලය පැරණි ණය වෙනුවෙන් රුපියල් බිලියන 20ක මුදලක් අපිට ගෙව්වා. නමුත් තවත් රුපියල් බිලියන 80ක් තියෙනවා. විදුලි බලාගාරවලට තෙල් නොලැබීමට එකම හේතුව ඒ අය අවශ්‍ය රුපියල් සැපයීමට අසමත්වීම.” 

“මම මේ අමාත්‍යාංශයේ කටයුතු කරන්නේ දැවැන්ත පීඩනයකින්. අවංකවමයි කියන්නේ තව කොච්චර කාලයක් මේක මෙහෙම ගැට ගහගෙන යන්න පුළුවන් වෙයිද කියලා මටවත් විශ්වාසයක් නෑ.” 

මේ අතර අද (18) රාත්‍රී විදුලි ඉල්ලුමට මෙගාවොට් 400ක පමණ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කැලණිතිස්ස බලාගාරය නැප්තා හා ඩීසල් නොමැතිව සම්පූර්ණයෙන් අක්‍රියව තිබෙන අතර එමගින් ලබාගත හැකි මෙගාවොට් 300ක් පද්ධතියට නොලැබී තිබේ.

සපුගස්කන්ද A බලාගාරය සතුව අද පස්වරු 4 දක්වා පමණක් ප්‍රමාණවත් දැවිතෙල් සංචිත පවතින අතර සපුගස්කන්ද B බලාගාරය සතුව දැවිතෙල් ඇත්තේ අද රාත්‍රි 8 දක්වා පමණක් බවද වාර්තාවෙයි.

ඒ අනුව එම බලාගාරය අක්‍රිය වුවහොත් මෙගාවොට් 100ක් පද්ධතියට අහිමිවෙයි.

ඊයේ රාත්‍රි ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,640ක උපරිමයක් දක්වා ඉහළ ගොස් තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53