AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් ?

රජය විසින් ඉන්ධන මිල පහත දැමීමට ගත් තීරණයත් සමඟ එම වාසිය ජනතාවට ලබාදීමට හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ලංකා පෞද්ගිලක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන මිල අඩු කළ ද, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුවනවා නම් එහි වාසිය ජනතාවට ලබාදිය හැකි බවයි.

පසුගිය අවස්ථාවල ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමට ද කටයුතු කළා.

ඒ අනුව අවසන් වරට සිදුකළ බස් ගාස්තු සංශෝධනයේ දී අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩි කිරීමටයි තීරණය කළේ.

මේ අතර ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් පහත දැමීමට කටයුතු කළා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ද, ඩීසල් ලීටරයක් රුපියල් 20කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද අඩුකිරීමට පියවර ගත්තේ.

මෙම මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී සමාගම ද වෙළඳපොළට නිකුත් කරන ඉන්ධනවල මිල ගණන් අඩු කිරීමට ඊයේ රාත්‍රියේ සිටම කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?