ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිං දෙකක පිරිසක් ආයූධ අතට ගනී

දින දෙකක් පෙට්‍රල් නොමැතිව පෝලිමේ සිටි පිරිසට අමතරව පිරවුම්හලට පෙට්‍රල් පැමිණීමෙන් පසු තවත් පෝලිමක් ආරම්භ කොට පෙට්‍රල් ලබාගැනීමට යාමේදී තිස්සමහාරාම ජුල්පල්ලම ඉන්ධන පිරවුම් හල අසල පෝලිං දෙකක අද උදෑසන දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

මෙම ආරවුල නිසා ඉන්ධන නිකුත් කිරීම පැයක පමණ කාලයක් තාවකාලිකව අත්හිටුවීමට එම ස්ථානයේ සේවයේ යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිසියේ නිලධාරීන්ට සිදුවිය.පසුව දෙපිරිසගේ එකඟතාව මත නැවත ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වූ අතර ඉන්ධන ලබාගෙන බහින්බස් වූ පිරිස පිටව යෑමේ දී පිරවුම්හල ආසන්නයේ පිහිටි ඊට අදාළ එක් පුද්ගලයකුගේ ගේ නිවසක් ඉදිරිපිට දී එම පිරිස නතර කොට පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ එම පිරිස නැවත තියුණු ආයුධ රැගෙන පැමිණ පහරදීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17