spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිං දෙකක පිරිසක් ආයූධ අතට ගනී

දින දෙකක් පෙට්‍රල් නොමැතිව පෝලිමේ සිටි පිරිසට අමතරව පිරවුම්හලට පෙට්‍රල් පැමිණීමෙන් පසු තවත් පෝලිමක් ආරම්භ කොට පෙට්‍රල් ලබාගැනීමට යාමේදී තිස්සමහාරාම ජුල්පල්ලම ඉන්ධන පිරවුම් හල අසල පෝලිං දෙකක අද උදෑසන දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

මෙම ආරවුල නිසා ඉන්ධන නිකුත් කිරීම පැයක පමණ කාලයක් තාවකාලිකව අත්හිටුවීමට එම ස්ථානයේ සේවයේ යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිසියේ නිලධාරීන්ට සිදුවිය.පසුව දෙපිරිසගේ එකඟතාව මත නැවත ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වූ අතර ඉන්ධන ලබාගෙන බහින්බස් වූ පිරිස පිටව යෑමේ දී පිරවුම්හල ආසන්නයේ පිහිටි ඊට අදාළ එක් පුද්ගලයකුගේ ගේ නිවසක් ඉදිරිපිට දී එම පිරිස නතර කොට පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ එම පිරිස නැවත තියුණු ආයුධ රැගෙන පැමිණ පහරදීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?