ඉන්ධන පිරවුම්හල් සේවකයාට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවය කරමින් සිටි පුද්ගලයෙකුට බීමතින් පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තුවාලකරු අදාළ ඉන්ධන හලට පැමිණෙන රථ වාහනවලට ඉන්ධන ලබාදෙන්නෙකු බවයි.

මෙම පහරදීම ඊයේ (21) රාත්‍රී 11.30ට පමණ සිදු ව තිබෙනවා.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනකු විසින් පෙට්‍රල් ලබාදෙන ලෙස පවසා ප්ලාස්ටික් බෝතලයක් ඔහු වෙත ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

එහිදී බීමතින් සිටි එක් තරුණයෙකු ඉන්ධන සපයන්නා සමග ඇති වූ බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙස යතුරුපැදියේ අසුන්ගෙන සිටි සෙසු තරුණයා පැමිණ කඩුවකින් පහරපිට පහර එල්ල කරගෙන ගොස් තිබෙනවා.

මෙම සිදුවීම ඉන්ධන හලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ ද සටහන් ව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නෙල්ලිඅඩි පොලිසිය විසින් එක් සැකකරුවකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?