ඉන්ධන පිරවුම්හල් සේවකයාට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවය කරමින් සිටි පුද්ගලයෙකුට බීමතින් පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තුවාලකරු අදාළ ඉන්ධන හලට පැමිණෙන රථ වාහනවලට ඉන්ධන ලබාදෙන්නෙකු බවයි.

මෙම පහරදීම ඊයේ (21) රාත්‍රී 11.30ට පමණ සිදු ව තිබෙනවා.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනකු විසින් පෙට්‍රල් ලබාදෙන ලෙස පවසා ප්ලාස්ටික් බෝතලයක් ඔහු වෙත ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

එහිදී බීමතින් සිටි එක් තරුණයෙකු ඉන්ධන සපයන්නා සමග ඇති වූ බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙස යතුරුපැදියේ අසුන්ගෙන සිටි සෙසු තරුණයා පැමිණ කඩුවකින් පහරපිට පහර එල්ල කරගෙන ගොස් තිබෙනවා.

මෙම සිදුවීම ඉන්ධන හලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ ද සටහන් ව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නෙල්ලිඅඩි පොලිසිය විසින් එක් සැකකරුවකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14