AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන කෝටාව අනිද්දා මැදියම් රැයේ සිට ඉහළට

ජාතික ඉන්ධන අවසරපත් හෙවත් QR ක්‍රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට පියවර ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අනිද්දා (30) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉන්ධන කෝටාව ඉහළ දමන ප්‍රමාණයන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ලියාපදිංචි කුලී ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රීරෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 14ක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම යතුරුපැදි වෙනුවෙන් සතියකට ලීටර් 14ක් මෙම නව සංශෝධනය යටතේ ලබාදෙන අතර, මෝටර් රථ කාණ්ඩය වෙනුවෙන් සතියකට ලීටර 40ක් දක්වා ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙනවා.

02 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
1
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?