ඉන්ධන අර්බුදය ගැන ඇසෙන අලුත් කතාව

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රකාශ හේතුවෙන් අනවශ්‍ය පරිදි ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රෙටල් පෝලිම් දක්නට ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

දින 15 කට පමණ අවශ්‍ය පෙට්‍රල් සංචිත සංස්ථාව සතු බව එහි උසස් නිලධාරියෙකු “අද දෙරණ” සමග සඳහන් කළේය.

පසුගිය දින කිහිපය තුළ මෙන්ම අද දිනයේදීත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෙට්‍රල් පෝලිම් දක්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසීමක් කළ අතර එහිදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අවශ්‍ය ඉන්ධන සංචිත තිබියදීත් ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව රැඳීසිටීම ගැටලු සහගත බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයින් සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන්ද ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන බව එම නිලධාරියා සඳහන් කළේය.

මේ අතර ඩීසල් රැගත් නෞකාවක් හෙට (14) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දියානු ණය ආධාර යටතේ එම ඩීසල් තොගය මෙරටට ලැබීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් හෙට දිනයේ දිවයිනට රැගෙන එනු ඇත.

මේ අතර අනවසරයෙන් ඉන්ධන තොග රැස් කර තබා ගන්නා පුද්ගලයින් සොයා ඊයේ දිනයේදීත් වැටලීම් 67ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අදාළ වැටලීම් මඟින් පෙට්‍රෙල් ලීටර් 5,690ක්, ඩීසල් ලීටර් 10,115ක් සහ භූමිතෙල් ලීටර් 5,620ක් සමග සැකකරුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් එරෙහිව ඉදිරියෙදී අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තරයෙන් සහාය ලබාදීමට කටයුතු කර තිබෙනවා. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ඉන්ධන ලබාගැනීම, භාවිතා කිරීම, නිත්‍යානුකූලව පමණක් සිදුකරන ලෙසයි. මේ ආකාරයට අධික මිල ගණන්වලට ඉන්ධන අලෙවි කිරීම සඳහා ගබඩා කිරීම සහ මේ තොග රැස්කිරීම පිළිබඳව සොයා බැලීමට නිරන්තරයෙන්ම වැටලීම් සිදුකිරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලබනවා. එසේ වැටලීම් සිදුකිරීමේ දී ඔබ යම් ආකාරයෙන් අත්අඩංගුවට පත්වූවහොත් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් ද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04