AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – ලංකා අවසන් T20 තරගයට වර්ෂාවෙන් බාධා

ඉන්දු – ශ්‍රී ලංකා තුන්වැනි සහ අවසන් T20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි පල්ලෙකැලේ දී අද (30) රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිත ව තිබූ මෙම තරගයේ තවමත් කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකි වූ බවයි පැවසෙන්නේ.

එම ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරගය ආරම්භයට බාධා එල්ල වී තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මේ වනවිටත් ඉන්දීය කණ්ඩායම තරගාවලි ශූරතාව ලබා අවසන්.

ඒ පැවති තරග දෙකෙන් ම අතිවිශිෂ්ට ජයක් ලබා ගනිමින්.

තරගාවලි පරාජයකින් බේරීමට නම් අද තරගය කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?