ඉන්දු – ප්‍රංශ සබඳතා තවදුරටත් පුළුල් වෙයි – ආරක්ෂක සහයෝගීතාව තහවුරු කිරීමටත් ගිවිසුම් මාලාවක්

ප්‍රංශ බැස්ටීල්  දින සැමරුමේ ගෞරවණීය ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ඇරයුම් ලැබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අතරතුර දෙරට අතර තාක්ෂණික සහ ආරක්ෂක  සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අදාළ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණා.

මෝදි ඉතිහාසයට එක් වන්නේ බැස්ටිල් දින සැමරුමක ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ දෙවන ඉන්දීය අගමැතිවරයා ලෙසයි.

මීට පෙර 2009 වසරේදී හිටපු අගමැතිවරයෙකු වන මන්මෝහන් සිං ද බැස්ටීල් දින සැමරුමක ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී තිබෙනවා.

ප්‍රංශ බන්ධනාගාරයක් වන බැස්ටිලයේ වැටීම 1789 ජූලි 14 වන දින සිදු වූ අතර එය සනිටුහන් කරමින් මෙම දිනය ජාතික දිනය ලෙස  ප්‍රංශය විසින් සමරනු ලබනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය වැදගත් වූයේ  2023 වසරේදී  ප්‍රංශය සහ ඉන්දියාව ඔවුන්ගේ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වසර 25ක් ද සමරන බැවින්.

මෙම සංචාරය අතරතුර ඉන්දියාව සහ ප්‍රංශය ඉන්දීය නාවික හමුදාව සඳහා සබ්මැරීන තුනක් සඳහා ගිවිසුම් සහ ජෙට් සහ හෙලිකොප්ටර් එන්ජින් සංවර්ධනය කිරීම ඇතුළු ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කිරීමේ ගිවිසුම් මාලාවක් ප්‍රකාශයට පත් කළා.

විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම සියල්ල මගින් පෙන්නුම් කරන්නේ ඉන්දු ප්‍රංශ සබඳතාවල ඇති ගැඹුර බවයි.

මෙම ගිවිසුම්වලට අමතරව ඒකාබද්ධ ගෙවීම් ක්‍රමයක් වන UPI පද්ධතිය පැරිසියේ අයිෆල් කුළුණ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට ද එකඟතාවක් ඇති වී තිබෙනවා.

ඒ අනුව අයිෆල් කුළුණ නැරඹීම සඳහා එන ඉන්දීය ජාතිකයන්ට එහිදී සිය ගෙවීම් කටයුතු ඉන්දීය රුපියල් මගින් සිදුකළ හැකියි.

මීට අමතරව අඩු සහ මධ්‍යම බල මොඩියුලර් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉදිකිරීම සඳහා හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට දෙරට එකඟ වූ අතර ඔවුන්ගේ ආර්ථික සහ ආරක්ෂක අවශ්‍යතා සුරක්ෂිත කිරීමට සහ ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය ඉදිරියට ගෙන යාමට එක්ව කටයුතු කිරීමට නව ඉන්දු පැසිෆික් මාර්ග සිතියමක් සම්මත කර ගැනීමට ද දෙරට රාජ නායකයින් කටයුතු කළා.

මෙම සියලු කටයුතු සිදුවුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර පැරීසියේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Scorpene සබ්මැරීන ඉදිකිරීම් වැඩසටහන හෙවත් P75 හි සාර්ථකත්වයෙන් පසුව,ඉන්දීය රජය විසින් පවත්වාගෙන යනු ලබන Mazagon Dockyard Ltd සහ ප්‍රංශ නාවික කණ්ඩායම සඳහා අතිරේක Scorpene සබ්මැරීන තුනක් ඉදිකිරීම සඳහා ද මෙහිදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.

Rafale සටන් ජෙට් යානා 36ක් ඉන්දියාවට ලබා දීමෙන් පසුව, “Horizon 2047” නම් ඒකාබද්ධ ලේඛනයකට අනුව, සටන් ගුවන් යානා එන්ජින් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා සහය දක්වමින් දෙපාර්ශ්වය උසස් ගගනගාමී තාක්ෂණයන් සඳහා ඔවුන්ගේ සහයෝගිතාව පුළුල් කර ගැනීමට ද නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මාර්ග සිතියමක් සකස් කිරීම ප්‍රංශයේ සෆ්රාන් සහ ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය අතර මෙම වසර අවසන් වන විට සකස් කිරීමටද නියමිතව තිබෙනවා.

“ආරක්ෂක සහයෝගීතාව අපගේ සබඳතාවල ප්‍රධාන කුළුණක් වන අතර එය දෙරට එකිනෙකා කෙරෙහි ඇති ගැඹුරු විශ්වාසය පිළිබිඹු කරනවා.

ප්‍රංශය Make in India සහ Atmanirbhar Bharat මුල පිරීම්වල වැදගත් හවුල්කරුවෙක්.මෙම සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපි තවදුරටත් අවධානය යොමු කරනවා,” යැයි මෝදි හින්දි භාෂාවෙන් කතා කරමින් මෙහිදී පැවසුවා.

මෝදිට පෙර කතා කළ මැක්‍රොන්, පසුගිය යුද්ධවලදී සහ සිකුරාදා පැවති බැස්ටිල් දින පෙළපාළියේදී ඉන්දීය සොල්දාදුවන් ඉටු කළ කාර්යභාරය සිහිපත් කළා.

ඔහු සඳහන් කළේ  දෙපාර්ශ්වයේ සන්නද්ධ හමුදාවන් සමීප සබඳතාවක සිටින අතර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමටත් ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු ජාත්‍යන්තර නීතිවලට ගරු කිරීම සහතික කිරීමටත් දෙරටම කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15