ඉන්දු – චීන විදේශ අමාත්‍යවරු නවදිල්ලියේ දී හමුවෙයි

සැබෑ පාලන රේඛාවෙන් හමුදා ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය “ඉදිරියට යා යුතු” බව විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමග පැවති හමුවේ දී අවධාරණය කළ බව ද හින්දු වාර්තා කරනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ දිල්ලියේ දී ද්විපාර්ශ්වික සහ වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශ්වය සාකච්ඡා ආරම්භ කළ අවස්ථාවේදී .

වසර තුනකට පසු පළමු වරට ඉන්දියාවට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වැන්ග් යී ඊයේ පස්වරුවේ නවදිල්ලියට ළඟා වුණා.

දෙරටේ විදේශ අමාත්‍යවරු අතර සාකච්ඡා පැවැත්වුණේ හයිද්‍රාබාද් හවුස් හිදී.

“අපගේ සම්බන්ධතාවයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් දැක තිබෙනවා… අපගේ ජාතීන් දෙක දැන් ඉදිරියට යාමට උත්සාහ කරනවා,” ජයිශංකර් මහතා නියෝජිත කණ්ඩායම් අතර සාකච්ඡා ආරම්භ කරමින් පැවසුවා.

“අපගේ සබඳතාවල ඕනෑම ධනාත්මක ගම්‍යතාවයකට පදනම වන්නේ දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් භාවය ඒකාබද්ධව පවත්වා ගැනීමට ඇති හැකියාවය මතයි.’’ ජයිශංකර් වැඩිදුරටත් සඳහන් කළා.

චීනය සහ ඉන්දියාව “නිවැරදි උපායමාර්ගික අවබෝධය” ඇති කර ගත යුතු අතර එකිනෙකා ප්‍රතිවාදීන් ලෙස නොව හවුල්කරුවන් ලෙස සැලකිය යුතු බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙහිදී පවසා සිටියා.

සාකච්ඡාවේ දී ගම්‍ය වූයේ ඉන්දියාව සමඟ සුහදතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභය යන මූලධර්මය ආරක්ෂා කිරීමට චීනය සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?