ඉන්දු ගඟෙන් ජල බිංදුවක්වත් පාකිස්තානයට නොයාවී – ඉන්දියාවෙන් සහතිකයක්

ඉන්දු ගඟෙන් ජල බිඳුවක්වත් පාකිස්තානයට නොයන බවට ඉන්දියාව සහතික කරන බව ඉන්දීය මධ්‍යම ජල ශක්ති අමාත්‍ය සී.ආර්. පටිල් පවසනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ නිවසේ ඊයේ (25) පැවති රැස්වීමකින් පසුව ජල ශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දු ජල ගිවිසුම සම්බන්ධයෙන් රජය ගත් ඓතිහාසික තීරණය සම්පූර්ණයෙන්ම යුක්ති සහගත සහ ජාතික අවශ්‍යතාවයට අනුකූල බවත්, ඉන්දු ගඟෙන් වතුර බිඳුවක්වත් පාකිස්තානයට නොයන බවට අපි සහතිකවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

පුද්ගලයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්කරමින් ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් සංචාර ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ගත් පියවර මාලාවක කොටසක් ලෙස 1960 ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට මෝදි රජය පසුගිය බදාදා තීරණය කළා.

ඉන්පසු ජල ශක්ති අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා පාකිස්තානයේ ජල සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සයිඩ් අලි මුර්තුසා වෙත ලිපියක් යවමින් එම තීරණය දැනුම්දෙනු ලැබුවා.

ඉන්දියාවේ ඊළඟ පියවර පිළිබඳව සවිස්තරාත්මක සැලැස්මක් අමිත් ෂාගේ නිවසේ පැවති රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර, ගිවිසුම අත්හිටුවීම ක්‍රියාත්මක කිරීම වහාම ආරම්භ කිරීමට තීරණය කළ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
10
+1
9
+1
6
+1
25
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?