ඉන්දු ගඟෙන් ජල බිංදුවක්වත් පාකිස්තානයට නොයාවී – ඉන්දියාවෙන් සහතිකයක්

ඉන්දු ගඟෙන් ජල බිඳුවක්වත් පාකිස්තානයට නොයන බවට ඉන්දියාව සහතික කරන බව ඉන්දීය මධ්‍යම ජල ශක්ති අමාත්‍ය සී.ආර්. පටිල් පවසනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ නිවසේ ඊයේ (25) පැවති රැස්වීමකින් පසුව ජල ශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දු ජල ගිවිසුම සම්බන්ධයෙන් රජය ගත් ඓතිහාසික තීරණය සම්පූර්ණයෙන්ම යුක්ති සහගත සහ ජාතික අවශ්‍යතාවයට අනුකූල බවත්, ඉන්දු ගඟෙන් වතුර බිඳුවක්වත් පාකිස්තානයට නොයන බවට අපි සහතිකවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

පුද්ගලයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්කරමින් ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් සංචාර ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ගත් පියවර මාලාවක කොටසක් ලෙස 1960 ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට මෝදි රජය පසුගිය බදාදා තීරණය කළා.

ඉන්පසු ජල ශක්ති අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා පාකිස්තානයේ ජල සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සයිඩ් අලි මුර්තුසා වෙත ලිපියක් යවමින් එම තීරණය දැනුම්දෙනු ලැබුවා.

ඉන්දියාවේ ඊළඟ පියවර පිළිබඳව සවිස්තරාත්මක සැලැස්මක් අමිත් ෂාගේ නිවසේ පැවති රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර, ගිවිසුම අත්හිටුවීම ක්‍රියාත්මක කිරීම වහාම ආරම්භ කිරීමට තීරණය කළ බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23