AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දුනීසියා නෞකාවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI – 945’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (14) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘KRI BIMA SUCI – 945’ නෞකාව, දිගින් මීටර් 112.02ක් හා නැව් මුළුව 95ක ගෙන් සමත්විත වනවා. එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබන්නේ කොමාණ්ඩර් M. SATI LUBIS.

නෞකාව ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල සීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.

මෙම නෞකාව නිල සංචාරය නිමාකරමින් ලබන 15 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?