ඉන්දුනීසියානු තරුණියන් ගණිකා සේවයේ යෙදවූ ස්පා හිමිකරුට බරපතල වැඩ සහිත සිර දඬුවම්

තෙරපිවරියන් ලෙස රැකියා ලබාදෙන බවට පවසා ඉන්දුනීසියාවේ සිට ගෙන්වා ගත් විදේශීය ජාතික තරුණියන් තිදෙනෙක් වෛශ්‍ය වෘත්තීයෙහි යෙදවූවයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාඅද (24) බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් ලබාදීමට නියෝග කළා.

මොහොමඩ් හනිපා මොහොමඞ් සෙයික් නැමති එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අධි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට නිගමනය කරන බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා එම චෝදනා තුනටම බරපතළ වැඩ සහිත වසර පහ බැගින් සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් කාලය එකවර එනම් වසර පහකින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියෝග කරනු ලැබුවා.

එම වින්දිත තරුණියන් තිදෙනාට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වන්දියක් ගෙවීමට ද විත්තිකරු වෙත නියම කළ විනිසුරුවරයා එම වන්දි නොගෙවන්නේ නම් වසර බැගින් ලිහිල් සිර දඬුවම් ලබාදීමට ද නියෝග කළා.

පසුගිය 2021 වසරේදී දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර තිබූ අතර, රජයේ අධිනීතීඥ නිමේෂා ද අල්විස් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22