ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා අනිද්දා දිවයිනට

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි අනිද්දා (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මිත්‍ර රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ මෙම නිල සංචාරයේ ප්‍රධාන අරමුණ බවයි වාර්තා වන්නේ.

මෙම දෙදින සංචාරය අතරතුර, ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට හමුදාපති, ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ රජයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

යුද හමුදා ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය, දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය විශ්වාසය පෝෂණය කිරීම සහ ඉන්දියානු සාගර කලාපයේ මිත්‍රශීලී ජාතීන් සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?