ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා අනිද්දා දිවයිනට

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි අනිද්දා (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මිත්‍ර රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ මෙම නිල සංචාරයේ ප්‍රධාන අරමුණ බවයි වාර්තා වන්නේ.

මෙම දෙදින සංචාරය අතරතුර, ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට හමුදාපති, ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ රජයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

යුද හමුදා ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය, දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය විශ්වාසය පෝෂණය කිරීම සහ ඉන්දියානු සාගර කලාපයේ මිත්‍රශීලී ජාතීන් සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23