AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය සිනමාවේ මෙගාස්ටාර්, අමිතාබ් බච්චන් රෝහල්ගත කෙරේ

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හුස්ම ගැනීමේ දී සිදුවූ අපහසුතාවක් හේතුවෙන් අමිතාබ් බච්චන්ව පසුගියදා මුම්බායි හි කෝකිලාබෙන් අම්බානි රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර ඔහු අද අලුයම රෝහලේදී ඇන්ජියෝප්ලාස්ටි සැත්කමකට භාජනය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ඔහුගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිල තහවුරු කිරීමක් තවමත් සිදුකර නොමැති අතර, ඔහුගේ රසිකයන් සහ සුභ පතන්නන් ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඉන්දීය සිනමාවේ මෙගාස්ටාර් ලෙස හඳුන්වන මෙම ජනප්‍රිය බොලිවුඩ් නළුවා මේ වනවිට 81 හැවිරිදි වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?