ඉන්දීය විශ්වවිද්‍යාල ජාත්‍යන්තරයට යාමේ සූදානමක

ඉන්දීය විශ්වවිද්‍යාලවල ශාඛා හෝ මණ්ඩප විදේශ රටවල්වල පිහිටුවීම සම්බන්ධයෙන් එරට අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාළ රෙගුලාසි සූදානම් කර ඇති අතර ඉදිරි මාසය තුළ ඒවා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති එම් ජගදේශ් කුමාර් පවසන්නේ.

එලෙස ඉන්දීය විශ්වවිද්‍යාල පිහිටුවීමට අවධානය යොමු වී ඇති රටවල් අතර අප්‍රිකානු සහ ගල්ෆ් රටවල්, තායිලන්තය සහ වියට්නාමයද වනවා.

පී.ටී.අයි. පුවත් වෙත අදහස් දක්වමින් ජගදේශ් කුමාර් පැවසුවේ විදේශයන්හි විශ්වවිද්‍යාල පිහිටුවීමේ කටයුත්තේ දී ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සැපයීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බවයි.

ඉන්දීය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ දක්වා ඇති “අධ්‍යාපනයේ ජාත්‍යන්තරකරණ” සැලැස්මට ප්‍රධාන ප්‍රතිසංස්කරණ තුනක් ඇතුළත් වනවා.

විදේශ විශ්වවිද්‍යාල සඳහා ඉන්දියාව තුළ අවස්ථාව ලබාදීම, ඉන්දීය විශ්වවිද්‍යාල සඳහා විදේශයන්හි අවස්ථාව ලබාගැනීම, විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් ද්විත්ව උපාධි සහ ඒකාබද්ධ උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය ඊට ඇතුළත්.

“ඉන්දියාව විශාල විශ්වවිද්‍යාල පරිසර පද්ධතියකින් සමන්විතයි. මධ්‍යම රජයේ  සහ ප්‍රාන්ත රජයේ අරමුදල් ලබන විශ්වවිද්‍යාල මෙන්ම සහ කැපී පෙනෙන මට්ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාලත් ඉන්දියාව සතුයි. එම විශ්වවිද්‍යාල විදේශයන්හි ඔවුන්ගේ මණ්ඩප පිහිටුවීමට දිරිමත් කිරීමටයි අපට අවශ්‍ය වන්නේ.” යැයි ද  ඔහු ප්‍රකාශ කළා.

ඉන්දීය  විශ්වවිද්‍යාල පිළිගැනීමට කැමැත්ත පළ කර ඇති රටවල් සම්බන්ධයෙන් කළ විමසීමකදී විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අප්‍රිකානු රටවල ඉන්දීය විශ්වවිද්‍යාල පිහිටුවීමේ  විශාල ඉඩකඩක් ඇති බවයි.

ඊට අමතරව තායිලන්තය වියට්නාමය සහ ගල්ෆ් රටවල් කිහිපයක්ද මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් පසුවන බව ඔහු පෙන්වා දුන්නා.

ඉන්දීය තාක්ෂණ ආයතන කිහිපයකට මැදපෙරදිග සහ දකුණු ආසියානු රටවලින් මණ්ඩප පිහිටුවීමට ඉල්ලීම් ලැබෙමින් පවතින අතර එම තාක්ෂණික ආයතන  ශ්‍රී ලංකාව, නේපාලය සහ ටැන්සානියාව වැනි රටවල විකල්ප සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්  2021 වසරේදී එහි රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවා.

එම සංශෝධනයන්ට ඉන්දීය විදේශ කටයුතු සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශවලින් කිසිඳු විරෝධතාවක් එල්ල නොවීම හේතුවෙන් උසස් අධ්‍යාපන ආයතනවලට විදේශයන්හි මණ්ඩප පිහිටුවීමට අවසර ලබාදුන් බවයි ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07
Video thumbnail
ටින් අංකය නැත්තම් වාහන ලියාපදිංචි කරන්නේ නෑ..ටින් අංකය අනිවාර්යය කරයි
03:09
Video thumbnail
මිද්දෙනියේ කාටත් හොරා පෙරූ කසිප්පු තොගයක් එක්ක පුද්ගලයෙක් කොටුවෙයි
02:04


?