ඉන්දීය විශ්වවිද්‍යාල ජාත්‍යන්තරයට යාමේ සූදානමක

ඉන්දීය විශ්වවිද්‍යාලවල ශාඛා හෝ මණ්ඩප විදේශ රටවල්වල පිහිටුවීම සම්බන්ධයෙන් එරට අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාළ රෙගුලාසි සූදානම් කර ඇති අතර ඉදිරි මාසය තුළ ඒවා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති එම් ජගදේශ් කුමාර් පවසන්නේ.

එලෙස ඉන්දීය විශ්වවිද්‍යාල පිහිටුවීමට අවධානය යොමු වී ඇති රටවල් අතර අප්‍රිකානු සහ ගල්ෆ් රටවල්, තායිලන්තය සහ වියට්නාමයද වනවා.

පී.ටී.අයි. පුවත් වෙත අදහස් දක්වමින් ජගදේශ් කුමාර් පැවසුවේ විදේශයන්හි විශ්වවිද්‍යාල පිහිටුවීමේ කටයුත්තේ දී ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සැපයීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බවයි.

ඉන්දීය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ දක්වා ඇති “අධ්‍යාපනයේ ජාත්‍යන්තරකරණ” සැලැස්මට ප්‍රධාන ප්‍රතිසංස්කරණ තුනක් ඇතුළත් වනවා.

විදේශ විශ්වවිද්‍යාල සඳහා ඉන්දියාව තුළ අවස්ථාව ලබාදීම, ඉන්දීය විශ්වවිද්‍යාල සඳහා විදේශයන්හි අවස්ථාව ලබාගැනීම, විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් ද්විත්ව උපාධි සහ ඒකාබද්ධ උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය ඊට ඇතුළත්.

“ඉන්දියාව විශාල විශ්වවිද්‍යාල පරිසර පද්ධතියකින් සමන්විතයි. මධ්‍යම රජයේ  සහ ප්‍රාන්ත රජයේ අරමුදල් ලබන විශ්වවිද්‍යාල මෙන්ම සහ කැපී පෙනෙන මට්ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාලත් ඉන්දියාව සතුයි. එම විශ්වවිද්‍යාල විදේශයන්හි ඔවුන්ගේ මණ්ඩප පිහිටුවීමට දිරිමත් කිරීමටයි අපට අවශ්‍ය වන්නේ.” යැයි ද  ඔහු ප්‍රකාශ කළා.

ඉන්දීය  විශ්වවිද්‍යාල පිළිගැනීමට කැමැත්ත පළ කර ඇති රටවල් සම්බන්ධයෙන් කළ විමසීමකදී විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අප්‍රිකානු රටවල ඉන්දීය විශ්වවිද්‍යාල පිහිටුවීමේ  විශාල ඉඩකඩක් ඇති බවයි.

ඊට අමතරව තායිලන්තය වියට්නාමය සහ ගල්ෆ් රටවල් කිහිපයක්ද මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් පසුවන බව ඔහු පෙන්වා දුන්නා.

ඉන්දීය තාක්ෂණ ආයතන කිහිපයකට මැදපෙරදිග සහ දකුණු ආසියානු රටවලින් මණ්ඩප පිහිටුවීමට ඉල්ලීම් ලැබෙමින් පවතින අතර එම තාක්ෂණික ආයතන  ශ්‍රී ලංකාව, නේපාලය සහ ටැන්සානියාව වැනි රටවල විකල්ප සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්  2021 වසරේදී එහි රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවා.

එම සංශෝධනයන්ට ඉන්දීය විදේශ කටයුතු සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශවලින් කිසිඳු විරෝධතාවක් එල්ල නොවීම හේතුවෙන් උසස් අධ්‍යාපන ආයතනවලට විදේශයන්හි මණ්ඩප පිහිටුවීමට අවසර ලබාදුන් බවයි ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55