ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් අඟහරුවාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමු වුණා.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව මෙම හමුව සිදුව තිබෙනවා.
මේ අතර සැසිවාරය අමතමින් ජයිශංකර් ත්‍රස්තවාදය, ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ සංවිධානාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබා දුන්නා.
තම දේශනය අතරතුර, ඔහු ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉන්දියාවේ සම්මුති විරහිත ස්ථාවරය නැවත අවධාරණය කළ අතර, කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට “සාධාරණීකරණයක්, අහක බැලීමක් සහ සුදු හුනු ගෑමක්” කළ නොහැකි බව අවධාරණය කළා.
ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමේ එහි ආරම්භක නියෝගය SCO විසින් තහවුරු කළ යුතු බව ඔහු පැවසුවා.





