AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය විදෙස් ඇමති හමුවෙන් පසු ජනපතිගෙන් විශේෂ එක්ස් සටහනක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡා කළා.

එම සාකච්ඡාවෙන් අනතුරුව සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාවේ සහාය යළි තහවුරු කළ බවත්, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කරුණු අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙම හමුවේ දී වැඩිදුරටත් සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් අද (04) උදෑසන දිවයිනට පැමිණියා.

එලෙස පැමිණි ආචාර්ය එස්.ජයශංකර් අද (04) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡාකර තිබෙනවා.

එමෙන්ම ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද අද (04) හමු වී ඇති බවයි වාර්තා වුණේ.

ඩිජිටල් පොදු යටිතල පහසුකම්, පුහුණුව සහ ධාරිතා ගොඩනැගීම පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කර ඇති අතර,දෙරටේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට එක්ව කටයුතු කිරීමට එකඟතාවය පළකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?