ඉන්දීය පිළේ එළඹෙන තරග සංචාරයේ දී නායකත්වයේ කටු ඔටුන්න ගිල්ට

එළඹෙන ජුලි මාසයේ ඉන්දීය කාණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට එක්වීම සූර්යකුමාර් යාදව් සහ හර්දික් පාණ්ඩ්‍යා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශුබ්මන් ගිල්ට හ්මිවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

විරාත් කෝලි, රෝහිත් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා සහ ජස්ප්‍රිත් බුම්රා වැනි ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු විවේක ගැන්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඉන්දීය නවකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පසුගිය වසරක පමණ කාලය තුළ, රෝහිත් ශර්මා නොමැති අවස්ථාවල දී හර්දික් ඉන්දියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබුවා.

2023 ලෝක කුසලානයෙන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ පහකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේදී සූර්යකුමාර් ඉන්දියාවට නායකත්වය ලබාදුන් අතර මොවුන් දෙදෙනා ද ඉන්දියාවේ පූර්ණ කාලීන නායකත්ව අපේක්ෂකයින් ලෙස ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22