ඉන්දීය නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට

ඉන්දියාවේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.196 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.25 ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතර තුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනපතිනී ද්‍රෞපදි මුර්මු ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා පැවැත්වුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?