ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුද්ගලික වාහනවල ගමන් බිමන් තහනම්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය තුළ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කරුණු දහයකින් යුත් ප්‍රතිපත්ති ලේඛනයක් හඳුන්වා දී තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ සංචාරය තුළ දී විස්සයි විස්ස තරග 05ක් සහ එක්දින තරග තුනක් සඳහා ඉන්දියාව එංගලන්තයට සත්කාරකත්වය සපයනවා.

එම කාලය තුළ දී සංචිතයේ සිටින කිසිඳු ඉන්දීය ක්‍රීඩකයෙකුට පුද්ගලික වාහනවල ගමන් කිරීම තහනම් කර ඇති බව අදාළ ප්‍රතිපත්ති ලේඛනයේ ඇතුළත්.

සියලුම ක්‍රීඩකයින් කණ්ඩායම සමඟ එකට තරඟ සහ පුහුණු සැසි සඳහා ගමන් කළ යුතු අතර, එහිදී කණ්ඩායම් බස් රථයක් පමණක් සකසා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිසියම් ක්‍රීඩකයෙකුට කණ්ඩායමේ සෙසු අයගෙන් වෙන්ව පුහුණුවීම් හෝ ක්‍රීඩා සඳහා ගමන් කිරීමට අවශ්‍ය නම් ප්‍රධාන පුහුණුකරුගේ හෝ තේරීම් කමිටු ප්‍රධානියාගේ “පූර්ව-අනුමත” අනුමැතියක් අවශ්‍ය වනවා.

ඊට අමතරව ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගණයෙන් පිටව යාමට පෙර සම්පූර්ණ පුහුණු සැසිය හෝ තරගය අවසන් වන තෙක් බලා සිටීමට සිදුවන බවත් ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන්.

මෙම නව ප්‍රතිපත්ති “නියෝගයක්” හෝ “දඬුවමක්” නොවන බවයි තේරීම් කමිටු ප්‍රධානි අජිත් අගාර්කර් පවසා සිටියේ.

එංගලන්තය අතර තරග පහකින් යුත් විස්සයි විස්ස තරගාවලිය ලබන 22 වනදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය පෙබරවාරි මස 06 වනදා ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?