ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය සහ ඉදිරි සැලසුම් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය දා මුම්බායි හි තරු හතේ හෝටලයක පැවැත් වුණා.
මෙම විශේෂ සාකච්ඡාවට ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා, ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්, තේරීම් කමිටු හිටපු සභාපති චේතන් ෂර්මා, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රොජර් බිනී ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා.
එම නිර්දේශයන් පහතින්,
නැගී එන ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීමට සැළකිය යුතු දේශීය තරග වාරයක් ක්‍රීඩා කළයුතු වීම.
ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී යෝ යෝ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට අමතරව ඩෙක්සා ස්කෑන් පරීක්ෂණයට ක්‍රීඩකයින් යොමු කිරීම.
ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉලක්කර ගනිමින් ඉන්දීය ප්‍රධාන ක්‍රීඩකයින් මෙවර අයි.පී.එල්. තරගවලින් විවේක ගැන්වීම.
එක්දින ලෝක කුසලානය සඳහා නම්කළ ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ඇති ක්‍රීඩකයින් අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන් සමඟ සාකච්ඡාකර එම ක්‍රීඩකයින් කළමනාකරණය කර අයි.පී.එල්. තරග සඳහා එක්කර ගැනීම.




