ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය සහ ඉදිරි සැලසුම් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය දා මුම්බායි හි තරු හතේ හෝටලයක පැවැත් වුණා.

මෙම විශේෂ සාකච්ඡාවට ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා, ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්, තේරීම් කමිටු හිටපු සභාපති චේතන් ෂර්මා, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රොජර් බිනී ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම නිර්දේශයන් පහතින්,

නැගී එන ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීමට සැළකිය යුතු දේශීය තරග වාරයක් ක්‍රීඩා කළයුතු වීම.

ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී යෝ යෝ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට අමතරව ඩෙක්සා ස්කෑන් පරීක්ෂණයට ක්‍රීඩකයින් යොමු කිරීම.

ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉලක්කර ගනිමින් ඉන්දීය ප්‍රධාන ක්‍රීඩකයින් මෙවර අයි.පී.එල්. තරගවලින් විවේක ගැන්වීම.

එක්දින ලෝක කුසලානය සඳහා නම්කළ ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ඇති ක්‍රීඩකයින් අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන් සමඟ සාකච්ඡාකර එම ක්‍රීඩකයින් කළමනාකරණය කර අයි.පී.එල්. තරග සඳහා එක්කර ගැනීම.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි ලැසි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට..දැඩි ආරක්ෂාව මැද රැගෙන යන හැටි
01:37
Video thumbnail
බන්ධනාගාරය තුලදී ප#රදී පුද්ගලයකු ඝා#නය කල බැසිල් හා නිමල්ට ම#ණ දඬුවම්
02:09
Video thumbnail
දඹුල්ල ඉබ්බන්කටුව වැවේ ඇස් පනාපිට සිදුවූ අනවසර ඉදිකිරීම්..රජයේ ආයතන 16ක් අනුමැතියත් දීලා
11:09
Video thumbnail
හුන්ඩුවට කවියක් හදලා කාන්තාවන් සැරටම දෙසයි..පච කෙ#න ආණ්ඩුව ගැහැණු එක දිගට රැවැට්ටුවා
08:12
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57