ඉන්දියාව පාකිස්ථානයට පහරදීම අරඹයි

පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් දියත් කළ බව ඉන්දීය රජය පවසනවා.

පකිස්ථානයේ හමුදා මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එරට ප්‍රවෘත්ති නාලිකාවක් වන ජියෝ ටීවී වෙත සඳහන් කළේ ස්ථාන තුනකට ඉන්දියානු මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි.

පාකිස්ථාන පරිපාලන කාශ්මීරයේ මුසෆරාබාද්, කොට්ලි සහ බහ්වල්පූර් යන ප්‍රදේශවලට එම ප්‍රහාර එල්ල වී ඇති බව ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රි පවසනවා.

මේ අතර ඉන්දියාව තමන්ගේම ගුවන් සීමාව තුළ සිට පකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ජියෝ සඳහන් කරනවා.

ප්‍රහාර සිවිල් ප්‍රදේශවලට බලපෑ බවත් “ත්‍රස්තවාදී කඳවුරු ඉලක්ක කරගත්” බවට ඉන්දියාවේ ප්‍රකාශය අසත්‍ය බවත් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?