ඉන්දියාව තුළ සොරකම් කළ විශාලතම වාහන තොගය සොයාගැනේ

ඉන්දියාව තුළ සොරකම් කරන ලද විශාලතම වාහන තොගය සොයා ගැනීමට අරුණාචල් ප්‍රදේශ්හි ඉටානගර්හි පොලිසියට ඊයේ හැකිව තිබෙනවා.

එහිදී සුඛෝපභෝගී මාදිලියේ මෝටර් රථ 57ක් සොයාගැනීමට හැකියාව ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කොල්ල කල්ලියක් විසින් මෙම වාහන සොරකම කලක සිට සිදුකරගෙන ගොස් ඇති අතර, මෙම කල්ලිය ප්‍රධාන වශයෙන් දිල්ලි අගනුවර කලාපයේ සහ යාබද ප්‍රාන්තවල මිල අධික මෝටර් රථ සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර සොයාගන්නා ලද මෝටර් රථවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 30 කට වැඩි බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම සොරකම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පස්දෙනා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අවුඩි, ෆෝඩ් එන්ඩෝවර්, ටොයොටා ෆෝචූනර්, මහින්ද්‍රා තාර් වැනි සුඛෝපභෝගී මාදිලියේ වාහන මෙලෙස සොරාගත් වාහන අතරට අයත්.

මෙම මෝටර් රථ දිල්ලි, හර්යානා, උත්තර් ප්‍රදේශ් සහ අනෙකුත් ප්‍රාන්තවල ලියාපදිංචි කර ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස සොරකම් කරන ලද වාහනවල එන්ජින් සහ චැසි අංක වෙනස් කර, ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකසා අලෙවි කිරීම සහ කුලියටදීම සිදුකර ඇති බවට කරුණු හෙළි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07