AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාව තුළ මාරාන්තික කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු වූ හේතුව හෙළි වෙයි

ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනාවරණ කළා.

එමඟින් සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉන්දියාවේ පැවති ආගමික උත්සව සහ දේශපාලන රැස්වීම් හේතුවෙන් ජනතාව සමීපව එක්රැස්වීම ඊට ප්‍රධාන හේතුව බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බරයේ ඉන්දියාවේ මුල්වරට හඳුනා ගැනුණු බී-එක, 617 කොරෝනා වෛරස් ප්‍රභේදයේ ඉහළ ප්‍රචාරණ හැකියාවද ඒ සඳහා දායක වී තිබෙනවා.

මීට අමතරව මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිලිනොපැදීමද ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළයෑමට හේතුවක් ලෙස දක්වා තිබෙනවා.

දකුණු ආසියානු කලාපයේ කොරෝනා ආසාදිතයින්ගෙන් 95% ක් සහ මරණවලින් 93% ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, එය අසල්වාසී රටවල කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට බලපෑමක් සිදුකර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?