ඉන්දියාව ඔක්සිජන් නොමැතිව දුක් විදිද්දී දුරදුටු IDH රෝහල කළ දේ

මේ දිනවල රටේ ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍ය තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කරනවා.

නව වෛරසයට අවුරුදු 30ත් 40ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ ද කොවිඩ් ආසාදනය වූ තරුණ පිරිසක් ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා සඳහන් කළා.

තමා මෙවැනි අවදානමක් කල් තියා දුටු හෙයින් ඔක්සිජන් සැලකිය යුතු ප්‍රමාණයක් ගබඩා කළ හැකි ටැංකියක් කොරෝනා මුල් රැල්ල අවස්ථාවේදී රෝහලේ ස්ථාපනය කළ බව කී අත්තනායක මහතා එය මේ වනවිට බොහෝ ප්‍රයෝජනවත් වී ඇති බව ද සඳහන් කළා.

එම ඔක්සිජන් ටැංකි රෝහලේ අනෙකුත් අංශ වලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.

අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ රෝගීන් 145දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් 8දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ පසුවන බවත් ඔහු සඳහන් කළා. රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 40ක පමණ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව එම රෝහලේ ප්‍රධානින් සඳහන් කරනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වී ඉන්දියාවේ දිනකට මියයන ගණන 3000 ඉක්මවා තිබෙනවා

ගතවූ පැය 24 තුළදී මරණ 3,285වාර්තා වී ඇති අතර මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ සමස්ත මරණ ගණන 204,812ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගණන ඉහළ යමින් පවතින අතර මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 18,368,096ක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28