AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක් – බිළිදුන් සිව් දෙනෙකු මරුට

ඉන්දියාවේ බෝපාල් නගරයේ ළමා රෝහලක හටගත් ගින්නකින් අලු‍ත උපන් බිළිඳුන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් බිළිඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවූ බවයි ගිනි නිවීම් අංශ සඳහන් කලේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම මියගිය බිළිඳුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසටද ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

පසුගිය ඉරිදා දිනයේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක හටගත් ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?