ඉන්දියාවේ හොර ඕමාන තානාපති අත්අඩංගුවට

ඕමාන තානාපතිවරයා ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උත්තර ප්‍රදේශ්හි ගාසියාබාද්හි දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී නවීන පන්නයේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක්, හැඳුනුම්පතක් සහ ඕමාන තානාපති ලෙස නම් කළ විසිටින් කාඩ් 46ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 66 හැවිරිදි වියේ පසුවන ක්‍රිෂ්ණා ශේඛර් රානා නැමැත්තෙකු බවට ලෙස හඳුනාගෙන ඇති අතර මොහු දිල්ලියේ අමර් ජනපදයේ පදිංචිකරුවෙක් බවයි හෙළිව ඇත්තේ.

මෙම සැකකරු සත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර, විශ්‍රාම ගැනීමෙන් පසු, විත්තිකරු 2015 සිට 2018 දක්වා මධ්‍යම පරිසර අමාත්‍යාංශයේ තක්සේරු අධිකාරී ලෙස කටයුතු කට තිබෙනවා.

මෙම පුද්ගලයා තමා ඕමාන තානාපතිවරයා බවත්, ඒ අනුව තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට ගාසියාබාද් පොලිසියට ලිපියක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් එලෙස ඉදිරිපත් කරන ලද ලේඛන සැක සහිත බව සිතූ පොලිසිය ඒ පිළිබඳව සිදුකළ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු ඕමාන තානාපති ලෙස ව්‍යාජව පෙනී සිටින අයෙකු බවයි.

ඒ, අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන් සිදුකළ වංචාව පිළිබඳව පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?