AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ සිට ආ ගුවන් යානයක බෝම්බ බියක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) පස්වරුවේ පැමිණි ‘විස්තාරා ගුවන් යානය’ තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග එය හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කෙරුණා.

ඉන් අනතුරුව වහාම මෙරට ආරක්ෂක අංශ අදාළ ගුවන් යානය සෝදිසි කිරීමටයි කටයුතු කෙරුණේ.

අද පස්වරු 02.56 ට ඉන්දියාවේ – මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?