රාජස්ථානයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අද (25) උදෑසන සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.
තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මනෝහර් තානා හි පිප්ලෝඩි රජයේ පාසලේ මෙම සිදුවීම අද (25) උදෑසන 8.30 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වුණේ.
ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 ක් පමණ පරිශ්‍රයේ සිටි බවයි නිලධාරීන් පවසන්නේ.
කඩා වැටුණු ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවති අතර, මේ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක් ද අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





