AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ගංවතුරෙන් හතරකට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ අගනුවර වන මුම්බායි නගරයට අධික වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

වර්ෂාපතනය මත ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (25) වන විට මුම්බායි හි ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 275ක පමණ වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

එම වර්ෂාපතනය හේතුවෙන් මිලියන සංඛ්‍යාත නගර වැසියන් ගමනාගමනය සඳහා යොදා ගන්නා දුම්රියන්ද ප්‍රමාද වී ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඊයේ මුම්බායි ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 14ක් විවිධ ගුවන් තොටුපළවල් වෙත හරවා යවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?